
බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංගය ආණ්ඩුව විසින් සාමූහිකව පරාජය කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේදී කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු ,ජීවන වියදම් කමිටුව සියළු දෙනා එක්ව තෙල් මිල සම්බන්ධයෙන් තීරණයට එළඹි බව හෙතෙම අද යළිත් මැතිසබයේදී අවධාරණය කළේය.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කෙරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2015- 2016 වසරවල මිල මගින් අනෙක් වර්ෂවලදී තෙල් මිලෙන් ලද ලාභයට වඩා විශාල ලාභයක් ලැබුණු බවයි. එහෙත් පසුගිය රජය එම ලාභයට කළේ, කුමක්දැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා යහපාලන රජය සමයේ තෙල් මිලෙන් අසාමාන්‍ය වාසියක් ලැබුණ ද ජනතාවට එම සහන ලබා නොදුන් බව පෙන්වා දුන්නේය.
නිදහසින් පසු මෙරට බිහිවූ සෑම ආණ්ඩුවකටම රජයේ මුළු අදායම එදිනෙදා පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දැවැන්ත ආර්ථික ව්‍යසනයක් කරමින් සහ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් ව්‍යසනය හමුවේ පසුබෑමකට ලක්ව ඇති මොහොතක ජනතාව අපහසුවට පත් නොවන පරිදි මෙම තීරණය ගත් බව පෙන්වා දුන්නේය.
උදය ගම්මන්පිල අමාත්‍යවරයා දක්ෂ අමාත්‍යවරයෙක් බවත් ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක ට මෙවන් පුද්ගලයන් අවශ්‍ය යැයිද කීය.