Home COVID තවත් ඩෙල්ටා ආසාදිතයන් 19ක් හඳුනාගනී

තවත් ඩෙල්ටා ආසාදිතයන් 19ක් හඳුනාගනී

තවත් ඩෙල්ටා ආසාදිතයන් 19ක් හඳුනාගනී

ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් තවත් 19 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවී ඇතිබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා තිබේ.

පසුගිය දින කිහිපය තුළ ලබාගත් නියැඳී මගින් කොළඹ, කිලිනොච්චිය, යාපනය යන දිස්ත්‍රික්කවලින් සහ නාවික හමුදා සාමාජිකයින්ගෙන් ලබාගත් සාම්පල මගින් මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වනවිට මෙරටින් ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් 38 දෙනෙකු හඳුනාගෙන ඇති බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here