Home දේශීය පුවත් උණුසුම් පුවත් දිනේෂ් චන්දිමාල්ගේ ඉල්ලීමට ඉඩක්

දිනේෂ් චන්දිමාල්ගේ ඉල්ලීමට ඉඩක්

දිනේෂ් චන්දිමාල්ගේ ඉල්ලීමට ඉඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මුණගැසීමට ඉදිරි දින දෙක තුළ අවස්ථාවක් ලබාදෙනු ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් තමන් දිගින් දිගටම තරග සඳහා නම් නොකිරීම පිළිබඳව කරුණු විමසමින් දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබූණි.

එම ලිපිය මගින් අවසානයේ ඉල්ලා තිබුණේ තම ඉදිරි ක්‍රිකට් දිවිය පිළිබද තීරණයක් ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට වෙලාවක් ලබාදෙන ලෙසයි.

පසුගිය වසර කිහිපය තුළදී ඔහුව කණ්ඩායම සඳහා තෝරාගැනීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය හේතුවෙන් ඔහුව ව්‍යාකූල තත්ත්වයකට පත්වී සිටින බවත් තම ක්‍රීඩා විලාසයටත් එමගින් දැඩි බලපෑමක් ඇතිව තිබෙන බවත් ඔහු සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

චන්දිමාල් සිය ලිපියෙන් අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ශාන් වැනි හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා ගැන සංසන්දනාත්මකව තොරතුරු සටහන් කර ඇත.

පසුගිය මාර්තු මස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති ටෙස්ට් සහ එක්දින තරඟාවලි සඳහා චන්දිමාල් ක්‍රීඩා කළ ද අනතුරව පැවති බංග්ලාදේශ් සහ එංගලන්ත සංචාර සඳහා පමණක් නොව ලබන 18 වනදා ඇරඹෙන ශ්‍රී ලංකා – ඉන්දීය ක්‍රිකට් තරඟාවලියට ද ඔහු නම් කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here