Home දේශීය පුවත් මත්කුඩු සමග පකිස්තානයෙන් කුඩු ජාවාරමුන් ට එන ගිනි අවි සොයා මෙහෙයුම්

මත්කුඩු සමග පකිස්තානයෙන් කුඩු ජාවාරමුන් ට එන ගිනි අවි සොයා මෙහෙයුම්

0
මත්කුඩු සමග පකිස්තානයෙන් කුඩු ජාවාරමුන් ට එන ගිනි අවි සොයා මෙහෙයුම්

පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන එන මත්කුඩු සමග විශාල වශයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාල අපරාධකරුවන් අතට ගිනි අවි ලැබෙන බව හෙළිවී තිබේ.

මත්කුඩු කිලෝ 100 කට වැඩි ඇණුමකට ස්යංක්‍රීය ගිනි අවි දෙක තුනක් ලැබෙන බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මෙසේ මත්කුඩු සමග ගිනි අවි ලබාදීමට පකිස්තානු මතුඩු ජාවාරම්කරුවන් පෙළඹී ඇත්තේ වසර දෙක තුනකට පෙර සිට බවත් ඒ අනුව මෙරට මත්කුඩු ජාවාරම්කරුවන් හරහා පාතාලය අතට ගිනි අවි විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව ආරක්ෂක අංශ සැකකරයි.

එසේ මෙරටට පකිස්තානයෙන් ලැබුණු පිස්තෝල 05 ක් මෑතකදී කොළඹ අපරාධ කොට්ඨාශය සොයා ගන්නා ලදි. ඊට අමතරව මත්ද්‍රව්‍ය වැටලීම් වලදීද විටෙන් විට එසේ පකිස්තානයෙන් ලද ගිනි අවි සොයාගෙන තිබුණි. ඉන්දියනු වෙරළ ආරක්ෂක බලකායද මෙරටට රැගෙන එමින් තිබුණු මත්ද්‍රව්‍ය පැටවූ යාත්‍රාවල තිබී ගිනි අවි සොයාගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ විසින් ඊයේ තංගල්ලේදී පපී නැමැති බෝට්ටු පදවන්නෙක් අත්අඩංගුවට ගත්තේය. මුහුදු මාර්ග ඔස්සේ මත්කුඩු තොග රැගත් බහුදින යාත්‍රා පැදවීමට නම්දරා සිටින්නෙක් වන ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කර ඇත්තේ ඉකුත් පෙබරවාරියේ මෙරටට රැගෙන පැමිණි හොරොයින් තොගයක් සමගත් ගිනි අවි රැසක් ලැබී තිබුණු බවය. එම ගිනි අවි සොයා මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙහෙයුමක්ද දියත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here