
13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් එම දැරිවියගේ පියා ඇතුළු 05 දෙනෙක් නාවලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
අත්අඩංගුවට ගත් 05 දෙනා අතර දැරිවිය අපයෝජනය කිරීමට ආධාර හා අනුබල දුන් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබේ. තවත් පුද්ගලයින් 06 දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.