
කුර්බාන් සතුන්ගේ ගෙල සිඳීම සඳහා කිසිදු මුස්ලිම් පල්ලි භූමි පරිශ්‍ර භාවිත කිරීම සඳහා අවසර ලබානොදීමට වකුෆ් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව කිසිදු පල්ලියක කුර්බාන් සතුන්ගේ ගෙල සිඳීමට ඉඩ ලබානොදන ලෙස මුස්ලිම් පල්ලි භාරකරුවන් වෙත නියෝග කරන බව මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.