
නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් ලෝකයේ සියළු රටවල් සමඟ ආර්ථික ඇතුළු සියළු ක්ෂේත්‍රවල සහයෝගයෙන් කටයුතු කිරීම තමාගේත් ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවේ අරමුණ බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිටින විදේශ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් හමුවේ පවසා තිබේ.
ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දින (14) රටවල් හතක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවී පැවැත්වූ ද්විපාර්ශවීය සාකච්ඡාවලදී ය.
මෙසේ හමුවූ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතරට ඇමරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය හා යුරෝපා සංගමය යන රටවල හා රාජ්‍ය සමූහවල තානාපතිවරු ඇතුළත් විය.
ශ්‍රී ලංකාවට බලපාන විවිධ කරුණු මෙම සාකච්ඡාවල තේමාව බවට පත්විය.
වසංගතය පාලනය කිරීම සඳහා සහාය දීම මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ද තමන් සූදානම් බව තානාපතිවරු මෙහි දී ප්‍රකාශ කළහ.