
අංජනා මල්ලවාරච්චි
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් රටේ ආරක්ෂාව, අධ්‍යාපන යන අංශ දෙකම පරිහානියට පත්වන්නේ යැයි ද එම නිසා එම පනත වහාම අහෝසි කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් රේණුක පෙරේරා මහතා කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මෙවැනි පනතක් කරළියට ගෙන ඒම පිළිබඳව රජයට දැඩි අප්‍රසාදය පළ කරන බවද වර්තමාන රජය ජනතාවගේ අදහස් ගරු නොකර අත්තනෝමතිකව හැසිරෙන රජයක් බවට ඔප්පු කර ඇතැයිද එහිදී රේණුක පෙරේරා මහතා කීය.
කොතලාවල පනතට එරෙහිව නැගෙන ජනතා විරෝධය මට දීමට ආණ්ඩුව නිරෝධායන නීති යොදා ගන්නා බවද ලේකම්වරයා කීය.
එම නිසා කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත අහෝසි කර එය සන්නද්ධ සේවාවන්හි උසස් අධ්‍යාපනයට ගැලපෙන පාඨමාලා සහිත විශ්ව විද්‍යාලයක් බවට පත් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද රේණුක පෙරේරා මහතා පැවසීය.