Home උණුසුම් පුවත් ජනපති – ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡාව කල්යයි

ජනපති – ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡාව කල්යයි

ජනපති – ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡාව කල්යයි

අද පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් (එස්එල්සී) නිලධාරීන් අතර සාකච්ඡාව කල් දමා ඇතැයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පාසලේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වන කෙටිකාලීන හා දිගු කාලීන උපාය මාර්ග මෙන්ම ක්‍රීඩාවේ දියුණුව සඳහා වන අවශ්‍යතා සමඟ ඉදිරි මාවත පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු කීරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර පැවැත්වෙන මෙම සාකච්ඡාව ක්‍රිකට් කමිටුවේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීමට කැපවී සිටින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහතික වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here