Home උණුසුම් පුවත් ඩ්‍රෝන්වලින්- බෝට්ටුවලින් ගොස් STF වැටලූ ඔතේකැලේ වගුරුබිමේ ජාවාරම

ඩ්‍රෝන්වලින්- බෝට්ටුවලින් ගොස් STF වැටලූ ඔතේකැලේ වගුරුබිමේ ජාවාරම

0
ඩ්‍රෝන්වලින්- බෝට්ටුවලින් ගොස් STF වැටලූ ඔතේකැලේ වගුරුබිමේ ජාවාරම

ජාඇල, ඔතේකැලේ වගුරුබිම් ප්‍රදේශයේ දී පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගනු ලබන ගෝඩා තොගයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් , ඩ්‍රෝනා යන්ත්‍ර සහ දියමත මෙහෙයුම් සිදුකරන මොටර් බොට්ටු කණ්ඩායමේ නිලධාරීන් සමඟ ඊයේ (13) මෙම වැටලීම සිදුකර ඇත.

මෙහිදී වැටලලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් එහි සිට නැත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ගෝඩා ලීටර් 4,680 ක්, යකඩ බැරල් 26ක්, තඹ දඟර 02ක් ඇත.

මෙයට සමගාමීව දියමත මෙහෙයුම් ඒකකය කාර්යක්ෂම කිරීම සඳහා 2021.07.13 වන දින සිනමන් ලේක් පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මොටර් බොට්ටු සංගමය විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා වෙත විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පිහිටුවා ඇති ශ්‍රී ලංකා අභ්‍යන්තර ජල තීරය තුල නීති විරෝධී ක්‍රියාවන් මැඩලීම සඳහා යොදා ගැනීමට නවීන අධිවේගී බෝට්ටුවක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට මොටර් බොට්ටු සංගමයේ සභාපති රජීව ප්‍රනාන්දු මහතා, මාලන් ලොව් මහතා සහ විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරි නිතීඥ වරුන ජයසුන්දර මහතා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ද විශේෂ කාර්ය බලකාය මුලස්ථාන කඳවුරේ සහකාර පොලිස් අධිකාරි(තොරතුරු තාක්ෂණ) අරුන කටුගම්පල මහතා ද එක්විය.

ඔතේකැලේ විශේෂ කාර්ය බළකා වැටලීමේ ඩ්‍රෝන් මගින් ගත් ඡායාරූප පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here