Home COVID මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් මේ සතියේ

මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් මේ සතියේ

මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් මේ සතියේ

මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.5 ක් මේ සතියේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රජය අද නිවේදනය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා මෙම එන්නත ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මෝඩර්නා එන්නතට පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ හදිසි භාවිත අනුමැතිය ලබා දෙන ලදී.

ශ්‍රීලංකාව ඇතුළු ආසියානු රටවල් 14 කට COVID-19 එන්නත් මාත්‍රාව මිලියන 11 ක් පරිත්‍යාග කරන බව ජපන් විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here