Home උණුසුම් පුවත් හෙට සිට අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් පළාත් අතර දුම්රිය වාර කිහිපයක් ඇරඹේ

හෙට සිට අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් පළාත් අතර දුම්රිය වාර කිහිපයක් ඇරඹේ

හෙට සිට අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් පළාත් අතර දුම්රිය වාර කිහිපයක් ඇරඹේ

හෙට (14) සිට අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පළාත්‌ අතර නව දුම්රිය වාර 14ක්‌ ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ප්‍රචාභන රාජ්‍ය අමාත්‍ය දිලුම්‌ අමුණුගම්ගේ උපදෙස්‌ මත මෙම දුම්රිය වාර ධාවනයට එක්‌ කෙරේ.

ඒ අනුව කොළඹ කොටුව සිට මහනුවර, රඹුක්කන, මහව, හලාවත, මෙන්ම මරදාන සිට බෙලිඅත්ත, ගාල්ල දක්වා සහ එම ගමනාන්තයන්‌ වල සිට කොළඹ කොටුවට සහ මරදානට දුම්රිය ධාවනයට සැලසුම්‌ කර තිබේ.

ඒ අනුව හෙට සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 42ක්‌, උතුරු මාර්ගයේ 02ක්‌, මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 44ක්‌, පුත්තලම මාර්ගයේ 14ක්‌ සහ කැළණිවැලි මාර්ගයේ 10ක්‌ වශයෙන්‌ දිනකට දුම්රිය ගමන්වාර 112ක්‌ සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here