Home දේශීය පුවත් කාබනික පොහොර නිපදවාගෙන කරන වී ගොවිතැනට හෙක්ටයාරයකට රුපියල් 12,500 ක දීමනාවක්

කාබනික පොහොර නිපදවාගෙන කරන වී ගොවිතැනට හෙක්ටයාරයකට රුපියල් 12,500 ක දීමනාවක්

0
කාබනික පොහොර නිපදවාගෙන කරන වී ගොවිතැනට හෙක්ටයාරයකට රුපියල් 12,500 ක දීමනාවක්
Man holds, gives a bag of money in hand like a bonus. Businessman holding bag of money in hand offering bribe with copy space. Cash bag concept.

කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැන්වලට භාවිත කරන වී ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 ක දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

මෙම දීමනාව ලැබෙන්නේ උපරිම වශයෙන් හෙක්ටයාර 2ක් (අක්කර 5ක්) සදහා පමණි.

2021/2022 මහ කන්නය වෙනුවෙන් වී වගාව සඳහා ගොවීන් විසින්ම පොහොර නිෂ්පාදනය කර භාවිතය දිරි ගැන්වීම සඳහා මෙම යෝජනාව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ එම යෝජනාව මෙසේය.

  • 2021/2022 මහ කන්නය වෙනුවෙන් හෙක්ටයාර 800,000ක පමණ වී වගාව සඳහා වන කාබනික පොහොර අවශ්‍යතාව සලසා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙලක් සැලසුම් කර ඇත. ඒ යටතේ ප්‍රධාන වශයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම මත ගොවීන් විසින් ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර නිපදවීම සඳහා යොමු කිරීමටත්, බලපත්‍රලාභී නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර ප්‍රමාණය වැඩි කිරීමටත් අවශ්‍ය පියවර දැනටමත් ගනු ලැබ ඇත. ඒ අනුව, කාබනික පොහොර නිපදවීමට ගොවීන් දිරිමත් කිරීම සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැන්වලට භාවිත කරන ගොවීන්ට හෙක්ටයාරකට රුපියල් 12,500/- බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් (අක්කර 05) නොඉක්මවන පරිදි දිරි දීමනාවක් ගෙවීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here