Home දේශීය පුවත් ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීමට රජයේ අවධානය

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීමට රජයේ අවධානය

0
ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීමට රජයේ අවධානය

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීමේ උපාය මාර්ග සැලැස්මකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පරිසර ඇමති මහින්ද අමරවීර මහතා විසින් එම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත්තේ මෙසේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2020 වර්ෂය අවසානය වන විට ලියාපදිංචි වී ඇති රථ‍වාහන සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා තිබේ. ඒ අතුරින් සැලකිය යුතු වාහන සංඛ්‍යාවක් අවුරුදු 10ට වඩා පැරණි වන අතර එවැනි පැරණි වාහන මනාව නඩත්තු නොකිරීම විෂ වායු විමෝචනයට හේතුකාරක වන බව හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ වායු දූෂණයට 60%ක පමණ දායකත්වයක් රථවාහනවලින් සිදු කෙරෙන බව මොරටුව විශ්වවිද්‍යාලය සහ තවත් ආයතන කිහිපයක් මඟින් සිදු කළ පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන බැවින්, රථවාහන ධාවනය සඳහා ද පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here