තවත්
    මුල් පිටුවදේශීය පුවත්අපයෝජනයට ලක්වන ළමුන්ගේ වීඩියෝ සාක්ෂි ලබා ගැනීම පළාත් මට්ටමින්

    අපයෝජනයට ලක්වන ළමුන්ගේ වීඩියෝ සාක්ෂි ලබා ගැනීම පළාත් මට්ටමින්

    අපයෝජනයට ලක් වූ ළමයින්ගේ ‍සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකක නවයක් (09) පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

    එම කැබිනට් තීරණය මෙසේය.

    විවිධ අපචාර හා අපයෝජනවලට ලක් වූ ළමුන් විසින් එම සිද්ධියට අදාළව ලබා දෙනු ලබන සාක්ෂිය අධිකරණ ක්‍රියාවලියේදී ඉතා වැදගත් වේ. කෙසේ වුව ද, එලෙස වින්දිතභාවයට පත් වූ ළමයකුට අධිකරණයේදී ප්‍රසිද්ධියේ සාක්ෂි ලබා දීමේදී විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදු වන හෙයින් එම සාක්ෂි, වීඩියෝ පටිගත කිරීම් වශයෙන් ලබාගෙන ඉදිරිපත් කිරීම සඳහා වූ ප්‍රතිපාදන 1999 අංක 32 දරන සාක්ෂි (විශේෂ විධි විධාන) පනත මඟින් ශ්‍රී ලංකා නීති පද්ධතියට හඳුන්වා දී ඇත. ඒ අනුව, 2001 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකයක් පිහිටුවා එම සාක්ෂි ලබා ගැනීමේ කටයුතු දැනට කොළඹ දී පමණක් සිදු කරනු ලබයි. එම පහසුකම පළාත් මට්ටමින් ඇති කිරීමට හැකි වන පරිදි දිවයිනේ පළාත් නවය (09) ආවරණය වන අයුරින් රෝහල් ආශ්‍රිතව වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක නවයක් (09) පිහිටුවීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img