Home දේශීය පුවත් පෙම්වතියන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ට දැමූ පෙම්වතුන් 05 ක් අල්ලයි

පෙම්වතියන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ට දැමූ පෙම්වතුන් 05 ක් අල්ලයි

0
පෙම්වතියන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ට දැමූ පෙම්වතුන් 05 ක් අල්ලයි

පෙම්වතුන් ලෙස සිටියදී හුවමාරුවූ නිරුවත් සහ අඩනිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙම දෙදරයාමෙන් පසු පෙම්වතියගෙන් පළිගැනීමට අන්තර්ජාලයට දැමූ පෙම්වතුන් 05 දෙනෙක් ගෙවී ගිය සතිය තුළ පරිගණක අපරාධ පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිටකෝට්ටේ පදිංචි 26 වියැති තරුණයෙක්, රාජගිරියේ පදිංචි 26 වියැති තරුණයෙක්, පිළියන්දල නාපමුණුව පංදිචි 36 වියැති කරුණයෙක් , මහනුවර පූජාපිටියේ පදිංචි 23 වියැති තරුණයෙක් සහ ගම්පහ ඉඹුල්ගොඩ පදිංචි 31 වියැති තරුණයෙක් අත්අඩංගුවට ගත් අය අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

පෙම්වතුන් ලෙස සිටියදී හුවමාරුවන ඡායාරූප දෙදෙනා විරසික වීමෙන් සහ පෙම්වතිය වෙනත් විවහයක් කර ගන්නා අවස්ථාවලදී අන්තර් ජාලයේත් සමාජ ජාලයේත් හුවමාරුවීමේ ප්‍රවනතාවක් මේ වන විට දකින්නට ඇතැයිද අජිත් රෝහණ මහතා පැවැසීය. ඒ සම්බන්ධයෙන් පැමිණිලි විශාල ලෙස ලැබෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ අලුත් පොලිස් විමර්ශන ඒකකය වන පරිගණක අපරාධ කොට්ඨාශය මගින් විමර්ශන පැවැත්වෙන බව ද අජිත් රෝහණ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here