එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට උත්සහ දැරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී 2019 වසරේදී කටාර් රාජ්‍යයට පළාගිය ත්‍රස්තවාදී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සමත්ව ඇත.
පාක්‍යතුරේ නගුලේෂ්වරන් නැමැති 41 වියැති එම සැකකරු ත්‍රිකුණාමලයේ පදිංචිකරුවෙකි. 2019 වසරේ ඔහු කටාර් රාජ්‍යයට පළායාමෙන් පසු ජාත්‍යන්තර පොලීසිය මගින් ඔහුට එරෙහිව නිල් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව ඔහුව එරටින් පිටුවහල්කර මෙරටට එවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
ඒ පැමිණි ඔහුව නිරෝධායනය සදහා මුල්ලෙයිවයිකාල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණු බවත් දින 14 ක නිරෝධායනයෙන් පසු ඊයේ ඔහුව අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් පියවර ගත් බවත් අජිත් රෝහණ මහතා කීය.