තෑගි භාණ්ඩ ලෙස කූරියර් සේවාව මගින් රටපුරා මත්ද්‍රව්‍ය බෙදා හරිණ ජාවාරමක් ගැන අවධානයෙන් සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එසේ මත්කුඩු තොගයක් බෝනික්කෙක් තුළ සගවා කූරියර් මගින් අනුරාධපුරයට යැවීමට සූදානම් වූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොම්පඤ්ඤවීදියේ පදිංචිකාරියක් වන ඇය කුඩු නෝනි නමින් කුප්‍රකට තැනැත්තියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
ඇයට අයත් කඩුවෙල පිහිටි නිවසක් ද මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ පරීක්ෂාවට ලක්කර ඇති අතර එහි සගවා තිබී බෙදා හැරීමට සූදානම්කර තිබුණු හොරොයින් ග්‍රෑම් 56 ක්ද සොයාගෙන ඇත. බෝනික්කා තුළ සැගවූ හොරොයින් තොගය භාරගැනීමට සූදානම්නි සිටි අනුරාධපුරයේ පදිංචි පුද්ගලයාවද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුරයට මත්කුඩු බෙදන්නේ එම පුද්ගලයා විසින් බව විමර්ශන වලින් හෙළිවී ඇත.
මෙම ඡාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩි්දුර විමර්ශන සිදුකරන බව ද අජිත් රෝහණ මහතා සදහන් කළේය.