අලුත උපන් බිලින්දිය මරා පිළිස්සූ කන්තලේ පේරාරු ගම්මානයේ පදිංචි තිිදරු මවක් කන්තලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඇගේ සැමියා වසර 04 ක් තිස්සේ මැදපෙරදිග රටක සේවයේ නිරතව සිටින බව පොලිසිය සදහන් කරයි.
අනියම් පෙමකින් මෙම බිලිදාා උපත ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
බිලින්දිය මරා පිලිස්සීම ගැන කන්තලේ පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ සවස පොලිසිය ඇය පදිංචිව සිට්න නිවසට ගොස් පරීක්ෂා කර ඇත. එදිනම උපන් බිලින්දිය මරා ඇය විසින් පුුුුුුුුුුුුුුුුලුස්සා ඇතැයි එහිදී පොලීසිය අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව එම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බවද අජිත් රෝහණ මහතා පැවසීය.