Home දේශීය පුවත් බදාදා සිට පළාත් අතර බස් දුම්රිය සේවා ඇරඹෙයි

බදාදා සිට පළාත් අතර බස් දුම්රිය සේවා ඇරඹෙයි

බදාදා සිට පළාත් අතර බස් දුම්රිය සේවා ඇරඹෙයි

ලබන බදාදා සිට පළාත් අතර සීමිත දුම්රිය හා බස් සේවා ආරම්භ වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරි සඳහා එම සේවා පහසුකම ලබා ගැනීමට ජනතාවට හැකිවන බව හෙතම සඳහන් කරයි.

තුන්වැනි රැල්ලේ උපරිමයට යාමට පෙර මේ ආකාරයටම සීමිත දුම්රිය හා බස් සේවා පළාත් අතර ධාවනය වූ බව දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජකාරී සඳහා උදෑසන සවස ක්‍රියාත්මක වූ දුම්රිය සහ බස් සේවා සීමිත පරිදි මෙලෙස ආරම්භවන අතර අත්‍යවශ්‍ය සේවාවල නිරත රජයේ හා පෞද්ගලික සේවකයන්ට එහි පහසුකම් අත්විඳිය හැකි බව හෙතම සඳහන් කරයි.

මෙම ප්‍රවාහන පහසුකම ලැබීම සඳහා කලින් පරිදිම රාජකාරි හැඳුනුම්පත හෝ අදාළ සේවාව ලබා ගැනීම තහවුරු කරන ලියකියවිලි තිබිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here