Home අධ්‍යාපනය කොතලාවල සරසවිය නිසා අධ්‍යාපනය හමුදාකරණයට – GMOA

කොතලාවල සරසවිය නිසා අධ්‍යාපනය හමුදාකරණයට – GMOA

කොතලාවල සරසවිය නිසා අධ්‍යාපනය හමුදාකරණයට – GMOA

අංජනා මල්ලවාරච්චි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත මගින් අධ්‍යාපනය හමුදාකරණයට ලක්කරන අතර ප්‍රමිතියෙන් තොර වෛද්‍ය උපාධි ලබාදීමක් සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

මෙමගින් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයත් අවසානයේදී රෝගී ජීවිතවල සුරක්ෂිතතාවයක් අර්බුදයට හෙළන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත බලාත්මක වුවහොත්‍ රටේ නීතියට යටත් නොවන විශ්වවිද්‍යාලයක් බිහිවෙන බව ද ලේකම්වරයා කීය.

නව පනත මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නියාමනය නොසලකා හැර ඇති අතර ඉංජිනේරු, නීති, පරිපාලන ආදී ක්ෂේත්‍රවල නියාමන අධිකාරිවලට යටත් නොවන විශ්වවිද්‍යාලයක් බවට කොතලාවල විශ්ව විද්‍යාලය පත්වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here