මුතුරාජවෙල රක්ෂිත අභය භූමි කලාපය තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම, වැලි ගොඩදැමීම, ඉඩම් කට්ටි කිරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමට අභියාචනාධිකරණය අද (12) දින නියම කළේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද එම පෙත්සම කැදවනු ලැබීය. එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල තීරණය කරනුයේ ලබන 26 වෙනිදා පෙත්සම සලකා බැලීමටය.
මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, වත්තල හා ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.