Home දේශීය පුවත් ගුරුවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීම සති දෙකක් පුරාවට

ගුරුවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීම සති දෙකක් පුරාවට

0
ගුරුවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීම සති දෙකක් පුරාවට

දිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල සාමාජිකයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද (12) ආරම්භ විය.

කොවිඩ් එන්නත ලබාගැනීමට ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර දැඩි උනන්දුවක් පැවැති බව අධ්‍යාපන අමාත්‍යාංශ තොරතුරු සදහන් කළේය.

මෙම වැඩපිළිවෙළ සති දෙකක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතවව ඇති අතර ඒ කාලය තුළ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 279,000 පමණ එන්නත් ලබාදීමට සැළසුම්කර තිබේ.

කොළඹ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට එන්නත්කරණය සිදුවන්නේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහල තුලය. කොළඹ කලාපයේ පාසල්වලට වේලාවන් සහ දිනයන් වෙන්කර එම එන්නත්කරණය පිළිවෙලකට කිසිදු තදබදයකින් තොරව සිදුවන බව ගුරුවරු රැසක්ම සදහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here