Home පරිසරය කළු පොල්කිච්චාගේ අනඟ රැඟුම

කළු පොල්කිච්චාගේ අනඟ රැඟුම

කළු පොල්කිච්චාගේ අනඟ රැඟුම

කලු පොල්කිච්චා (Indian Robin / Black Robin)

මෙරට හමුවන පොල්කිච්චන් අතුරින් කුඩාමයා වන කලු පොල්කිච්චාගේ පරිනත පිරිමි සතුන් තද නිල්-කලු වර්නයෙනුත්, ගැහැනු සතුන් තද දුඹුරු වර්නයෙනුත් යුතු වේ.

දෙදෙනාගේම පෙඳය යටපැත්තේ මුල් කොටසේ තිබෙන පිහාටු ගොනුව රතු-දුඹුරු පාටින් යුතුය.

මෙහි දැක්වෙන්නේ පරිනත පිරිමි සතුන් ප්‍රජනන සමයේදී ගැහැනු සතුන් ඉදිරිපිටදී සිදු කරන රැඟුමක ඉරියව්වකි.

මෙහිදී පිරිමි සතා තම ශරීරයේ පිහාටු විදහාගෙන පියාපත් ආවරන පිහාටුවල තිබෙන සුදු පැහැති ආවරන පිහාටු ඉතා හොඳින් දිස්වන ආකාරයෙන් ශරීරය තබාගනි.

එසේම වලිගය සිරස් පිහිටීමකට ඔසවාගෙන එහි යට පැත්තේ තිබෙන පිහාටු ගොනුව විහිදෙන සේ සිටී.

එමන්ම​, මෙසේ සිටින විට උස් හඬින් සහ නිරතුරුව නාද කිරීමත්,උහුසුලුව ගැහැනු සතා ලුහුබැඳිමත් සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here