තවත්
    මුල් පිටුවදේශීය පුවත්මිරිහානේ සුපිරි නිවසේ උඩු මහලේ සරුසාර ගං ජා වගාවක්

    මිරිහානේ සුපිරි නිවසේ උඩු මහලේ සරුසාර ගං ජා වගාවක්

    මිරිහාන තලපත්පිටියේ නිවසක උඩු මහලේ වගාකර තිබුණු සරුසාර ගංජා වගාවක් අද අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ වැටලීමට ලක්විය.

    දිවුලපිටිය ප්‍රදේශයේ පස් සහ කළුගල් ආශිත ව්‍යාපාරවල නිරතව සිටින වෙඩිපිටියේ සුගත් නැමැති අයෙකුට මෙම නිවස අයත් බව පොලීස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි. එම පුද්ගලයාවද විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

    වෙඩිපිටියේ සුගත් නැමැති පුද්ගලයා කලක් ක්‍රියාකාරී මට්ටමේ සිටි නම ගිය පාතාල අපරාධකරුවෙක් වන කොටදයා නැමැත්තාගේ ගෝලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    පොලිතින් උර තුළ මෙම ගංජා වවා තිබුණු බවත් ගංජා පැල 24 ක් එහිදී හමුවූ බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි. සැකකරු සමග ගංජා වගාව වැඩිදුර විමර්ශන සදහා මිරිහාන පොලිස් ස්ථානයට භාරදී තිබේ.
    කල24 පෝච්චිවල ක් නමගිය අපරාධකරුවෛක් ලෙස සිටි

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img