තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රසායනික පොහොර ගෙන්වන්න අවසර දී නෑ - ජනපති මාධ්‍ය අංශය

    රසායනික පොහොර ගෙන්වන්න අවසර දී නෑ – ජනපති මාධ්‍ය අංශය

    රසායනික පොහොර ගෙන්වීමට රජය අවසර ලබාදීමට තීරණය කර ඇතැයි පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

    එවැනි කිසිදු අවසරයක් රජය විසින් ලබා දී නොමැති බව හෙතෙම අවධාරණය කර ඇත.

    රජය විසින් රසායනික පොහොර ගෙන්වීමට අවසර ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය විය.

    මේ අතර රසායනික පොහොර ගෙන්වීමට කිසිදු තීරණයක් නොගත් අතර සියල්ල සමබරව නිවැරදි සමාලෝචනයක් සිදුකිරීමට අනුකමිටු 5ක් පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img