තවත්
    මුල් පිටුවදේශීය පුවත්කඩුවෙල නැවතත් කප්පම්කරුවන් හිස ඔසවයි

    කඩුවෙල නැවතත් කප්පම්කරුවන් හිස ඔසවයි

    කඩුවෙල සහ හංවැල්ලේ රජකල ඌරු ජුවා සහ ඉන්ද්‍රා යන පාතාලයේ ප්‍රබලයින් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාර වලින් මරුමුවට පත්වීමෙන් පසු ඩුබායි හී සිටින පාතාලයේ අපරාධකරුවෙක් ව්‍යාරිකයින් බිය ගන්වමින් කප්පම් ඉල්ලා තර්ජනය කිරීමට පටන්ගෙන තිබේ.

    ඌරු ජුවා ⁣සහ ඉන්ද්‍රා මෙන්ම මෙම අපරාධකරුද සමයංගේ ගෝලයෙක් බව පොලිසිය කියයි.

    වැලි සහ පස් ව්‍යාපාරිකයින්ගෙන්, හංවැල්ල සහ කඩුවෙල පිහිටි සමාගම්වලට මෑන් පවර් සපයන පුද්ගලයින්ගගෙන්, ගල් කොරිවලින් මේ වන විටත් ඔහු ඩුබායි සිට දුරකතන ඇමතුම් දෙමින් කප්පම් ඉල්ලා තර්ජනය කරන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

    ජල්තර පිහිටි සමාගමකට මෑන් පවර් සපයන පුද්ගලයෙකු⁣ටද ඔහු ඩුබායි සිට ඇමතුමක් දෙමින් රුපියල් ලක්ෂ 50 ක කප්පමක්ද මෑන් පවර් තවදුරටත් සපයන්නේ නම් මාසිකව රුපියල් ලක්ෂ 05 බැගින් අවශ්‍ය බවට තර්ජනය කර ඇති බවද පොලිසිය කියයි.

    එම කප්පම නොගෙවීම නිසා චමී නැමති එම පාතාල අපරාධකරු ඩුබායි සිට සිය ගෝලයින් මෙහෙයමින් ව්‍යාරිකයාට පහරදී කපාතොටා තුවාලකර තිබේ. පහරදීම එම අවස්ථාවේ වීඩියෝ ඇමතුමකින් චමී නැමැති අපරාධකරු ඩුබායි සිට බලා ඇතැයිද අනාවරණය වී ඇත.

    මෙම පහරදීම ගැන විමර්ශන පැවැත්වූ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පහරදීමට සම්බන්ධ පාතාල අපරාධකරුවන් 04 දෙනෙක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. දෙදෙනෙක් කෑගල්ලේ පදිංචිකරුවන්ය. ඒ අතර හමුදාවේ හිටපු සාමාජිකයකු ද සිටින බව පොලිසිය කියයි. ව්‍යාරිකයාට පහරදී ඔහුගේ වාහනය⁣ට හානිකර ව්‍යාපරිකයාට කඩුවකින් කොටා තුවාල කිරීම වෙනුවෙන් ඔවුන්ට රුපියල් 50000ක මුදලක් ලලබාදීමට පො⁣රොන්දුවී අත්තිකාරම් ලෙස රුපියල්5000 ක් ලැබී ඇතැයි ද විමර්ශන වලින් හෙළිවී තිබේ.

    අත්අඩංගුවටගත් සැකකරුවන් අතර පහරදීම වීව්යෝකරමින් සජිවීව එය ඩුබායි හී සිට්න චමියා නැමැති අපරාධකරුට බැලීමට අවස්ථාව සැලසූ පුද්ගලයාද සිටින බව පොලිසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img