තවත්
    මුල් පිටුවදේශීය පුවත්රට පුරා මහ සුළඟක්!

    රට පුරා මහ සුළඟක්!

    බස්නාහිර සහ දකුණු පළාත ඇතුළු රට පුරා ස්ථාන රැසකට මේ වනවිට දැඩි සුළං තත්ත්වයක් පවතියි.

    අධික වර්ෂාපතනය සමඟ පැමිණි මෙම සුළං තත්ත්වය හේතුවෙන් බෝහෝ පිරිසක් පීඩාවට පත්ව සිටින බව newswaveLK කළ සොයා බැලීමේ දී හෙළිදරව් විය.

    කෙසේ වෙතත් මෙම සුළං තත්ත්වය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැයට කිලෝමීටර් 50ක් තරම්වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

    මේ වනවිටත් අධික වර්ෂාපතනය සහ නායයාම් පිළිබඳව අවධානයෙන් සිටින්නැයි ජනතාව දැනුවත් කර ඇති නිසා මෙම අයහපත් කාලගුණ තත්ත්වය පවතින ප්‍රදේශවල ජනතාවට ආරක්ෂාකාරීව සිටින්නැයි අදාළ ආයතන ඉල්ලා සිටියි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img