තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් එන්නත් මාත්‍රා දැනටමත් ලක්ෂ 50ක් දීලා - ඊයේ දිනයේ ලක්ෂ 2...

    කොවිඩ් එන්නත් මාත්‍රා දැනටමත් ලක්ෂ 50ක් දීලා – ඊයේ දිනයේ ලක්ෂ 2 පනී

    මෙරට කොවිඩ් වසංගතය මර්දනය උදෙසා සිදුකරන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ ඊයේ (8) දක්වා දිවයින පුරා ලබාදී ඇති මුළු එන්නත් මාත්‍රා ගණන 4,940,992ක් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනාවරණය කරයි.

    දිනක් තුළ වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් ඊයේ (08) ලබාදී ඇති අතර එම සංඛ්‍යාව මාත්‍රා 222010කි.

    කොවිෂීල්ඩ්, සයිනෝෆාම්, ස්පුට්නික් වී, ෆයිසර් යන කොවිඩ් එන්නත් මෙරට තුළ දැනට භාවිත කරනු ලබන එන්නත් වර්ග ය.

    ඒ කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව 80ක්, සයිනොෆාම් පළමු මාත්‍රා 188368ක්, එහි දෙවන මාත්‍රා 33550ක්, ස්පුට්නික් වී දෙවන මාත්‍රා 12ක් ආදී වශයෙනි.

    මෙරට තුළ කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයන් 3586822 දෙනකුට ද දෙවන මාත්‍රාව පුද්ගලයන් 1354170 දෙනකුට ද ලබාදී ඇත.

    මෙම දත්තවලට අනුව මෙරට තුළ පුද්ගලයන් 1,354,170 ක් දෙනා පූර්ණ එන්නත්කරණය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img