තවත්
    මුල් පිටුවදේශීය පුවත්මහර හිරගෙදරට කුඩු ගෙනියන්න හැදූ නියාමක අල්ලයි

    මහර හිරගෙදරට කුඩු ගෙනියන්න හැදූ නියාමක අල්ලයි

    මහර බන්ධනාගාරය තුලට මත්කුඩු රැගෙන යාමට උත්සහගත් බන්ධනාගාර නියාමකවරයෙක්ව හෙරොයින් පැකට් 96ක් සමග බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු මහර බන්ධනාගාරයට යන අතරතුර එහි දොරටුව අසලදී බන්ධනාගාර නිලධාරීන් විසින් සෝදිසි කරන අවස්ථාවේදී ඔහු සතුව තිබුණු මෙම හෙරොයින් පැකට් තොගය හමුවී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

    එම බන්ධනාගාර නිලධාරියාගේ සේවය අත්හිටුවා වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහුව පොලීසියට භාරදුන් බව ද චන්දන ඒකනායක මහතා සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img