Home උණුසුම් පුවත් බෞද්ධ-සංස්කෘතික අරමුදල් 3ක් අගමැති යටතට

බෞද්ධ-සංස්කෘතික අරමුදල් 3ක් අගමැති යටතට

බෞද්ධ-සංස්කෘතික අරමුදල් 3ක් අගමැති යටතට

මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ අරමුදල් 3ක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේ අමාත්‍යවරයා යටතට එනම් අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතට පත්කර තිබේ.

එනම් බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ය.

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිවුරුම් දුන් අතර එම අමාත්‍යාංශය යටතේ තිබූ අරමුදල් මෙලෙස ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේ අමාත්‍යාංශය යටතට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ (08) ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම අමාත්‍යාංශ දෙකෙහි විෂය පථයන් හා ආදාළ ආයතන සම්බන්ධයෙන් පෙරේදා දිනයේදී ද පෙර ගැසට් පත්‍රය නිකුත් කර තිබුණි.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/07/2235-59_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here