තවත්
    මුල් පිටුවදේශීය පුවත්නිවසට පැන්න අයි.ආර්.සී.කාරයෙක් පහරදීමකින් මරුට

    නිවසට පැන්න අයි.ආර්.සී.කාරයෙක් පහරදීමකින් මරුට

    වත්තල පොලිස් වසමේ පිහිට් නිවසකට අද අලුයම ඇතුළු වූ සොරෙක් නිවසියන්ගේ පහර කෑමකින් පසු ⁣රෝහල් ගතකරන විට මියගොස් තිබේ.

    සොරා නිවසට ඇතුළු වන විට එහි සිටි තරුණයින් දෙදෙනෙක් ඇහැරී ඒ ගැන වපරම් කිරීමේදි සොරා විසින් පිහයක් අතින් ගෙන ඔනුන්ට ජීවිත හානියක් කිරීමට සූදානම් වී ඇති බවත් එහිදී එක් තරුණයෙක් අතට හසුවූ පොල්ලකින් ඔහුට පහරදී මෙල්ලකර පොලීසියට දැනුම් දීමක් කළ බව කැලණිය කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ඩයස් මහතා සදහන් කළේය.

    සැකකරුව ⁣රෝහල්ගත කිරීමට පොලීසිය වහා පියවරගත් බවත් රෝහල් ගතකරන විට ඔහු මිය⁣ගොස් ඇති බවත් ඔහු පැවසීය.

    මේ පුද්ගලයා දිවයිනේ ලියාපදිංච් අපරාධකරුවෙක් බව හදුනාාගන ඇති බවද රොහාන් ඩයස් මහතා සදහන් කළේය. කඩවත පැත්තේද නිවෙස් බිදුම් කිහිපයකට ඔහු පොලිසියට හසුවී ඇති බවත් මේ පුද්ගලයා කැකිරාවේ අයෙක් බවත් රොහාන් ඩයස් මහතා වැඩ්දුැටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img