තවත්
    මුල් පිටුවCOVIDඉතිරි ෆයිසර් එන්නත් තොගයට වෙන‍ දේ

    ඉතිරි ෆයිසර් එන්නත් තොගයට වෙන‍ දේ

    ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති එන්නත් මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් සඳහා ලබාදීමට නියමිත ය.

    පෞද්ගලික රූපවාහිනී නාලිකාවක උදෑසන වැඩසටහනට සජීවීව එක්වෙමින් හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

    කොවිඩ් කාර්ය සාධක බළකායේ ලියාපදිංචි වු විදෙස් රටවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින සිසුන් 1,130ක් සඳහා ද ඊයේ (08) යුද හමුදා රෝහලේ දී ෆයිසර් එන්නත ලබාදී ඇත.

    ඒ අතරින් ඉතිරි සිසුන් සඳහා අද (09) සහ හෙට (10) දෙදින තුළ ද ෆයිසර් කොවිඩ් මර්දන ලබාදීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් කොළඹ1-15 දක්වා පුද්ගලයන්ට එම එන්නත් තොග ප්‍රමාද වීම නිසා ෆයිසර් දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට පසුගියදා කටයුතු කර තිබූ අතර එක් දිනකින් පසු එය අත්හිටුවා තිබුණි.

    තවත් සති දෙකකින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා ලැබෙන බවට තහවුරු වීමෙන් පසුව ය.

    අනතුරුව මෙම මිලෙන් අධික සහ ගබඩා පහසුකම් තරමක් වැඩි පිරිවැයක් ඇති ෆයිසර් එන්නත ලබාදෙන්නේ කාටද යන්න පිළිබද සමාජය තුළ ගැටලුවක් මතු කර තිබුණේ සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබද ඇතැම් පදනම් විරහිත ප්‍රචාර පළවීමත් සමඟයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img