Home දේශීය පුවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලොකු පුටුවට විශ්‍රාමික හමුදා ප්‍රධානියෙක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලොකු පුටුවට විශ්‍රාමික හමුදා ප්‍රධානියෙක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලොකු පුටුවට විශ්‍රාමික හමුදා ප්‍රධානියෙක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා පත්කර තිබේ.

විදේශ රැනියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමති පියංකර ජයරත්න මහතා විසින් අද (08) ඊට අදාල පත්වීමේ ලිපිය මහින්ද හතුරුසිහ මහතාට ලබාදී ඇත.

මහින්ද හතුරුසිංහ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටියදී මෙම පත්වීම ඔහුට ලැබී තිබේ.

මෙයට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිලෙස සේවය කරනු ලැබුවේ කමල් රත්වත්තේ මහතාය. ඒ මහතා අභාවප්‍රාප්ත වීමෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිධුරය පුරප්පාඩුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here