Home උණුසුම් පුවත් හයිටියේ අකමැති ජනපති ප්‍රහාරයකින් මරුට

හයිටියේ අකමැති ජනපති ප්‍රහාරයකින් මරුට

හයිටියේ අකමැති ජනපති ප්‍රහාරයකින් මරුට

හයිටි රාජ්‍යයේ ජනාධිපති ජොවෙනෙල් මෝස් එරට අගනුවර පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව එරට අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා පවසයි.

ක්ලෝඩ් ජෝශප් පැවසුවේ පෝර්ට් ඕ ප්‍රින්ස් හි ජනාධිපතිගේ නිවස නාඳුනන සන්නද්ධ පිරිස් විසින් කඩා බිඳදැමූ බවයි.

ප්‍රහාරයෙන් ජනාධිපති ආර්යාව ද තුවාල ලැබූ බව වාර්තා වේ.

ජෝසප් කියා සිටියේ, “රාජ්‍යයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති” බවයි.

53 හැවිරිදි ජොවෙනෙල් මෝස් 2017 පෙබරවාරි මාසයේ සිට බලයේ සිටියේ ඔහුගේ පූර්වගාමියා වූ මයිකල් මාටෙලි ඉල්ලා අස්වීමෙන් පසුව ය.

දූෂණ චෝදනාවලට මුහුණ දුන් මෝස් බලයේ සිටි කාලය දැඩි පාලනයක් ක්‍රියාත්මක කළ අයෙක් වූ අතර බොහෝ විට ප්‍රචණ්ඩකාරී රාජ්‍ය විරෝධී විරෝධතා රැළි මගින් ඔහු අභියෝගයට ලක් කෙරිණ.

ඔහුට ඉල්ලා අස්වන ලෙස ජනතාව ඉල්ලා සිටිමින් මේ වසර මුලදී අගනුවර සහ වෙනත් නගරවල පුළුල් විරෝධතා පැවතුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here