Home දේශීය පුවත් ශ්‍රී ලංකන් මොස්කව් බලා නැවත පියාසර කරයි

ශ්‍රී ලංකන් මොස්කව් බලා නැවත පියාසර කරයි

ශ්‍රී ලංකන් මොස්කව් බලා නැවත පියාසර කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියාවේ මොස්කව් නුවර වෙත සිය ගුවන් ගමන් නැවත ලබන 30 වෙනිදා ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මොස්කව් අතර සතිපතා ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය රටවල් 20ක ගමනාන්ත 37ක් වෙත පියාසර කළද කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ යම් පසුබෑමකට ලක්විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය දැන් නැවතත් ශක්තිිිිිමත්ව සිය ජාලය ගොඩනමින් ගුවන් ගමන් ක්‍රමයෙන් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

ගුවන් ගමන් සම්බන්ධයෙන් වන තොරතුරු 011 777 19 79 යන දුරකතන අංකයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගෝලීය සබඳතා මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here