තවත්
    මුල් පිටුවදේශීය පුවත්මහින්ද ජයසිංහත් අත්අඩංගුවට

    මහින්ද ජයසිංහත් අත්අඩංගුවට

    මුතුරාජවෙල ඉදිිිිිිිිරීමට නියමිත එල්.එන්.ජී. බලාගාරයට විරෝධය දක්වමින් උද්ඝෝෂණයක් මෙහෙයැවූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පලාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා සහ තවත් අයෙක් පමණුගම පොපොලිසියේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    මෙම උද්ඝෝෂණය නොපවත්වන ලෙස වැලිසර අධිකරණයෙන් ඊයේ නියෝගයක් පවා නිකුත් කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    එසේ අධ්කරණයෙන් නියෝගයක් නිකුත් කර තිබ්යදීත් එම නියෝගය නොතකා කටයුතු කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මහින්ද ජයසිංහ මහතා සහ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අජිත් රෝහණ මහතා කීවේය.

    මෙම උද්ඝෝෂණය අද පෙරවරුවේ පමුණුගම පොලිස් වසමට අයත් බෝපිටිය හංදියේ පවත්වා ජා-ඇල දෙසට ගමන් කිරීමට යාමේදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    මහින්ද ජයසිංහ මහතා සහ අනෙත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරන බව ද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img