තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති-අගමැති ප්‍රමුඛ රජයේ වෑයමට ශක්තියක් වෙන්න සූදානම් - බැසිල් කියයි

    ජනපති-අගමැති ප්‍රමුඛ රජයේ වෑයමට ශක්තියක් වෙන්න සූදානම් – බැසිල් කියයි

    මෙම තීරණාත්මක මොහොත කළමනාකරණය උදෙසා වූ ජනපති සහ අගමැතිවරයා ප්‍රමුඛ රජයේ ප්‍රයත්නය තවදුරටත්‌ ශක්තිමත්‌ කර පොදු ජාතික අභිලාෂය උදෙසා වෙහෙසීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්කළ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිමිවීම දක්වා වූ සිද්ධි මාලාව තුළ ඒ පිළිබද ඔහු අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙයයි.

    බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පහත සටහන තබා ඇත.

    “පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා පැමිණෙන ලෙස ඇරයුම්‌ කල අතිගරු ජනාධිපතිතුමන්ටත්‌, ගරු අග්‍රාමාත්‍යතුමන්ටත්‌, අමාත්‍ය මණ්ඩලය ඇතුලු සියලු පාරිලිමේන්තු මැති ඇමතිවරුන්ටත්‌, පළාත්‌ පාලන නියෝජිත ව්‍යුහයටත්‌ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පාරිශවකරුවන්ටතන්‌ සිවිල්‌ සංවිධාන නියෝජිතයන්‌ ඇතුලු සමාජ ක්‍රියාකාරීන්ටන්‌ ආදරණීය පොදු මහජනතාවටත්‌ එකී ඉල්ලීමට අවකාශ සළසමින්‌ ස්වකීය මන්ත්‍රී ධුරය අතහැරීමට තරමි අතිශයින්ම නිර්ලෝභී වූ ගරු ජයන්ත කැටගොඩ මැතිතුමන්ටත්‌
    මාගේ හෘදයාංගම ස්තුතිය පුදකරමි.

    මේ තීරණාත්මක මොහොත කළමනාකරණය කිරීම උදෙසා වූ අතිගරු ජනාධිපතිතුමන්‌ සහ අග්‍රාමාත්‍යතුමන්‌ ප්‍රමුඛ රජයේ අප්‍රතිහත
    ප්‍රයත්නය තවදුරටත්‌ ශක්තිමත්‌ කර පොදු ජාතික අභිලාෂයන්‌ ජයග්‍රහණය කරවීම පිණිස කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරමි.

    ඉදිරි කටයුතු සදහා ඔබගේ හෘදයාංගම ආශිර්වාදයන්‌ අවංක සහයෝගයත්‌ උපරිමයෙන්‌ අපේක්ෂා කරමි.

    මෙයට – ඔබේ හිතවත්‌
    බැසිල්‌ රෝහණ රාජපක්ෂ”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img