තවත්
    මුල් පිටුවදේශීය පුවත්නාමල් සහ සමන්ත අත්අඩංගුවට

    නාමල් සහ සමන්ත අත්අඩංගුවට

    නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බොරලන්දේ පැවති ගොවි උද්ඝෝෂණයකට නායකත්වය දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිපු පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න ඇතුළු පස් දෙනෙක් අද බෝගහකුඹුර පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අය අද පෙරවරුවේ පොලිස් ස්ථානයට පැමිණ ඉදිරිපත් වූ බවත් අනතුරුව අත්අඩංගුවට ගත් බවබවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    ඉකුත් 01 වෙනදි පොහොර ඉල්ලා බොරලන්ද නගරයේ එම උද්ඝෝෂණය පැවති බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    ඒ සම්බන්ධයෙන් වැලිමඩ අධිකරණයට පොලිසිය කරුණු වාර්තා කරමින් එම අවස්ථාවේ සැකකරුවන් 05 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කළ බවද අජිත් රෝහණ මහතා පැවසීය.

    අද අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිමඩ අධිකරණයට ඉදිපත් කිරීමට නියමිත බව ද අජිත් රෝහණ මහතා කීවේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img