අංජනා මල්ලවාරච්චි
සෞඛ්‍ය ඇමතිවරිය සමඟ පැවැත් වූ සාකච්ඡා අසාර්ථක හෙයින් සෞඛ්‍ය වැඩ වර්ජනය වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති නායකයෝ පවසති.
පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීන් 14 ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය පිළිබඳව එම සේවාවන් හා වෘත්තිය සමිති වල නායකයෝ කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ අද(05) දහවල් සාකච්ඡාවක් පැවැත් වූ අතර එම සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වූ බව ද පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.
පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වලට අයත් වෘත්තිකයින් පෙරවරුවේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීය.