Home උණුසුම් පුවත් දැරියක ලිංගික වහල්කමට ගත් විදේශිකයා හිටපු ඇමතිවරයෙක්

දැරියක ලිංගික වහල්කමට ගත් විදේශිකයා හිටපු ඇමතිවරයෙක්

දැරියක ලිංගික වහල්කමට ගත් විදේශිකයා හිටපු ඇමතිවරයෙක්

අන්තර් ජාලයේ දැන්වීමකට අනුව 15 වියැති දැරිවියක් මිලදී ගෙන ලිංගික අපයෝජනය කළ බවට කරුණු අනාවරණය වීමත් සමග අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයා එරට හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයෙක් බව අනාවරණය වී තිබේ.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේ තොරතුරු සදහන් කරනු ලැබුවේ අත්අඩංගුවටගත් එම මාලදිවයින් ජාතිකයා එරට මුදල් ඇමතිවරයෙක් බව දැනගන්නේ ඔහුව අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඒ ගැන මාලදිවයිනේ මාධ්‍ය වලින් බවය.

මොහොමඩ් අෂ්මලි නැමැති ඔහු සිය බිරිද සමග 2018 වසරේ සිට මෙරට රැදී සිටින බවද අනාවරණය වී ඇත. එම පුද්ගලයා මෙරට පුද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධි පාඨමාලාවක් හදාරන බව සදහන් කරමින් ශිෂ්‍ය විසා ලබාගෙන ඇති බවද හෙළිවී තිබේ. මෙම පුද්ගලයාව ලබන 16 වෙනිදා දක්වා අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එදින හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here