Home උණුසුම් පුවත් රන් මිල ගණන් යන්නේ රන් තොග හැංගූ නිසා බව හෙළිවෙයි

රන් මිල ගණන් යන්නේ රන් තොග හැංගූ නිසා බව හෙළිවෙයි

රන් මිල ගණන් යන්නේ රන් තොග හැංගූ නිසා බව හෙළිවෙයි

අංජනා මල්ලවආරච්චි

රත්රන් මිල ඉහළ යාමට හේතුව රන් ආභරණ නිෂ්පාදකයින් රන් තොග සඟවා ගැනීම යැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.

රත්තරන් ආනයනය සීමා කර ඇති හෙයින් ප්‍රධාන පෙළේ රන් ආභරණ නිෂ්පාදකයින් තමන් ළඟ තිබෙන රන් තොග සඟවාගෙන වෙළඳපොලේ කෘතිම රන් හිඟයක් මවා ඇතැයිද එම නිසා පවුමක මිල ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.

මේ පිළිබඳ අප කළ විමසුමකදී ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් එස් එම් පියතිස්ස මහතා සදහන් කළේ රත්රන් ආනයනය කිරීමට බලය ඇත්තේ ලංකා බැංකුවට පමණක් බවයි.

ලංකා බැංකුව මගින් නුදුරේ දී රන් ආනයනය කළ පසුව වෙළඳපොලේ දැනට පවතින හිඟය අවසන් වනු ඇතැයි හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here