Home දේශීය පුවත් දේශපාලනය බදියුදීන්ගේ නඩුවෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

බදියුදීන්ගේ නඩුවෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

බදියුදීන්ගේ නඩුවෙන් තවත් විනිසුරුවරයෙක්  ඉවත්වෙයි

තමන්හිව අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටීම නීතිවිරෝධී බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන⁣ ශ්‍රේෂ්ඨාධිකරණ ව්නිසුරු මණ්ඩලයේ තවත් විනිසුරුවරයෙක් අද ඉවත් විය.පුද්ගලික හේතුවක් නිසා එසේ ඉවත්වන බව සදහන් කරමින් ඉවත්වූයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයකුවන මහින්ද සමයවර්ධන මහතා ය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට සිටි විනිසුරුවරු තිදෙනෙක්ම මෙයට පෙර විටෙන් ව්ට ඉවත්විය.
ජනක්ද සිල්වා, යසන්ත කෝදාගොඩ ,ඒ.එච්.එම්.ඩී. නවාස් යන විනිසුරුවරු එසේ ඉවත් විය.

ඒ අනුව මේ වන ව්ට රිෂාඩ් බදියුදීන් ගේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරු සිව් දෙනෙක්ම ඉවත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here