Home උණුසුම් පුවත් ඉන්ටර්නෙට් එකෙන් විකිණූ දැරිය ලිංගික සේවයට ගත් විදේශිකයකුත් අත්අඩංගුවට

ඉන්ටර්නෙට් එකෙන් විකිණූ දැරිය ලිංගික සේවයට ගත් විදේශිකයකුත් අත්අඩංගුවට

0
ඉන්ටර්නෙට් එකෙන් විකිණූ දැරිය ලිංගික සේවයට ගත් විදේශිකයකුත් අත්අඩංගුවට

වයස අවුරුදු පහලොවක දැරියක් අන්තර් ජාලයේ දැන්වීමකින් මිලදී ගෙන ඇය සමග එකට සිටි මාලදිවයින් ජාතිකයෙක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

අධ්‍යාපන වීසා බලපත්‍ර මගින් 2018 වසරේ සිට ඔහු මෙරට රැදී සිටින බව පොලිස් විමර්ශන වලින් හෙළිවී තිබේ.
එම දැරිවිය අන්තර්ජාලයෙන් මිලදීගත් 26 දෙනෙක් සහ ඇයව අලෙවි කිරීමට සම්බන්ධ වූ 06 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. ඒ අය අතර ව්‍යාපාරිකයින්ද සිටිති.

මාලදිවයින් ජාතිකයාට අමතරව ඊයේ දින මෙම දැරිවිය මුදලට අලෙවි කිරීමට දැන්වීම් පලකල තවත් වෙබ් අඩව්යක දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇත. මෙයට පෙරද වෙබ් අඩවියක දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී . පොලිසිය සදහන් කරන්නේ තවත් වෙබ් අඩවි 03 ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here