තවත්
    මුල් පිටුවදේශීය පුවත්පුද්ගලයෙක් පැහැරගත් හමුදාවේ 04 ක් අත්අඩංගුවට

    පුද්ගලයෙක් පැහැරගත් හමුදාවේ 04 ක් අත්අඩංගුවට

    නොරෝච්චෝලේ පනිඅඩියේ පදිංචි පුද්ගලයෙක්ව වෑන් රථයකින් පැහැරගෙනගොස් පහරදීමක් සම්බන්ධයෙන් සේරුනුවර කල්ලාර් කදවුරේ සේවයේ නිරතව සිටි හමුදාවේ සිව් දෙනෙක් නොරෝච්චෝලේ පොලීසිය ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ.

    කපිතාන්වරයෙක්, කෝප්‍රල්වරයෙක් සහ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙක් අත්අඩංගුවටගත් අය අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ ඉකුත් 29 වෙනිදා රාත්‍රී කාලයේදීය. ඒ සම්බන්ධයෙන් පැහැර ගැනීමට ලක්වුණු පුද්ගලයාගේ බිරිද මේරි දර්ශනී නැමැත්තිය විසින් ඒ ගැන නොරොච්චෝලේ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භකර තිබුණි. යුද හමුදා ඇදුම්වලට සමාන ඇදුම් හැදි පිරිසක් සිය සැමියාව පැහැරගත් බව ඇය එහිදී පොලීසියට සදහන් කර තිබුණි.

    පැහැර ගැනීමෙන් පැය කිහිපයකට පසු අදාල වෑන් රථය පුත්තලම පිටත රවුම් පාරේ දුම්රිය මාර්ගය අසල දමා ගොස් තිබියදී පොලීසියට හමුවිය. ඒ තුළ තිබී හමුදා ඇදුම් කිහිපයක් සහ හමුදාව භාවිතා කරන තොප්පියක් විය. ජාතික හැදුණුම්පතක් හා රියදුරු බලපත්‍රයක් සහිත මුදල් පසුම්බියක්ද හමුවී තිබුණි. ඒ ඔස්සේ විමර්ශන පැවැත්වීමේදී මෙම පැහැර ගැනීම සිදුකරනු ලැබුවේ හමුදාවේ පිරිසක් විසින් බවත් එය පුද්ගලික අමනාපයක් මත සිදුව ඇති බවත් පොලීසිය අනාවරණය කර ගත්තේය. ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් හමුදාබලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව යුද හමුදා පොලීසිය විසින් ඔවුන් අල්ලා පොලීසියට භාර දී ඇති බව අජිත් රෝහණ මහතා පැවැසීය.

    මේ අය විසින් පැහැරගත් රාජා ශ්‍රී කාන්ත (38) නැමැති පුද්ගලයාව නොරොච්චෝලේ ඉලංතඩිය මුහුදු වෙරළට රැගෙන ගොස් පහරදී වෙරළේදමා ගොස් තිබෙන බවද පොලීසිය කියයි. වෑන් රථය අතහැර දමා පළාගොස් ඇත්තේ ගම්වැසියන් පිරිසක් වෑන් රථය පස්සේ පැන්නීම නිසා බව සදහන්ය.

    මෙම පැහැර ගැනීමටත් පහරදීමටත් මුල්වී ඇත්තේ යුද හමුදාවේ උසස් නිලධාරියෙකුගේ බිරිදකගේ ජජගම දුරකතනයට මෙම පුද්ගලයා විසින් කෙටි පණිවුඩයක් යොමු කළේ යැයි කියන සිද්ධියක් බවද පොලිස් පරීක්ෂණ වලින් පෙනී ගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img