Home COVID කොළඹ දිස්ත්‍රික්කයේ සයිනොෆාම් ගත් අයට දෙවන මාත්‍රාව ගැන නිවේදනයක්

කොළඹ දිස්ත්‍රික්කයේ සයිනොෆාම් ගත් අයට දෙවන මාත්‍රාව ගැන නිවේදනයක්

කොළඹ දිස්ත්‍රික්කයේ සයිනොෆාම් ගත් අයට දෙවන මාත්‍රාව ගැන නිවේදනයක්

කොළඹ දිස්ත්‍රික්කය තුළ චීනයේ නිෂ්පාදනය කළ සයිනොෆාම් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා සිටි ඕනෑම අයකුට එහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බව දැනුම් දෙයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බලධාරීන් පවසන්නේ එන්නත්කරණ වැඩසටහන දිනපතා උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකෙරෙන බවයි.

මේ අතර වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සයිනොෆාම් එන්නත ලබාදීමේ වැඩසටහන ද රිජ්වේ ආර්යා ළමා රෝහල ආසන්නයේ ශාන්ත ලූකස් දේවස්ථානය පරිශ්‍රයේ පැවැත්වේ.

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සයිනොෆාම් පළමු සහ දෙවන මාත්‍රා ලබාදෙන අතර රෝහල් වෙබ් අඩවියේ (lrh.health.gov.lk/vaccine) ලියාපදිංචිවීමෙන් පසුව අනුපිළිවෙල අනුව එම කටයුතු සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here