තවත්
    මුල් පිටුවCOVIDඋසස් අධ්‍යාපනයට විදෙස්ගත වන සිසුන්ගේ එන්නත් ලියාපදිංචිය ඇරඹේ

    උසස් අධ්‍යාපනයට විදෙස්ගත වන සිසුන්ගේ එන්නත් ලියාපදිංචිය ඇරඹේ

    උසස්‌ අධ්‍යාපනය සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වීමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සයිනෝෆාම් එන්නත්‌ ලබා දීමේ වැඩසටහන පිළිබඳ රජයෙන් පහත කරුණු නිවේදනය කර තිබේ.

    උසස්‌ අධ්‍යාපනය සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වන්නන් හට කොවිඩ්‌-19 සඳහා වන එන්නත්කරණය පූර්ණ අවශ්‍යතාවක්‌ ලෙස දක්වා ඇති රටවල්‌ වෙත විදේශගත වීමට නියමිත ශිෂ්‍ය/ ශිෂ්‍යාවන්‌ හට සයිනොෆාම් එන්නත ලබාදීම්‌ සඳහා වන එන්නත්කරණ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට සූදානම්‌ කර ඇත.

    එම එන්නත්කරණය අවශ්‍ය වන අය ඒ සඳහා පූර්ව ලියාපදිංචි වීමක් අවශ්‍ය වන අතර එම ලියාපදිංචි වීම අද සිට එනම්‌ 2021 ජූලි මස 02 දින සිට සිදු කල හැකියි.

    ඒ සඳහා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙබ් අඩවිය වන www.army.lk/covid19 වෙත පිවිස PRE–DEPARTURE VACCINATION –STUDENTS යන දිගුව (link) click කිරීමෙන් ලියාපදංචි වීම සිදුකල හැකිය.

    එසේ ලියාපදිංචිය සිදුකර දින 02 තුලදී SMS පණිවුඩයක්‌ මගින්‌ එන්නත්කරණය ලබා ගතයුතු දිනය/ වේලාව/ ස්ථානය අයදුම්කරු හට ලබා දෙනු ඇතැයි ද රජය නිවේදනය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img