
පොලිස්පතිවරයාගෙන් පසු මේ වන විට පොලිස් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙස පත්කර තිබේ.
පොලිස්පති තනතුරට පසු ශ්‍රී ලංකා පොලීසියේ ඇති ඉහළම තනතුර වන්නේ පරිපාලන අංශ ප්‍රධානී තනතුරය.
නන්දන මුණසිංහ මහතා මෙතෙන් සේවය කරනු ලැබුවේ උතුරු මැද පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙසිණි.
අපරාධ සංවිධානාත්මක අපරාධ අපරාධ බුද්ධි ළමා හා කාන්තා කාර්යාංශය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය , පොලිස් මැතිවරණ අංශය සහ රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨනියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටි ලලිත් පතිනායක මහතා ද මේ අතර ප්‍රජා පොලිස් සහ පරිසර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර ඇත. මෙම අංශ භාරව වෙනම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයක් මෙතෙක් වෙනම පොලිස්දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක නොවීය. ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යධූරයත් ජනාධිපතිවරයා විසින් පත්කිරීමත් සමග ඊට සමගාමීව මෙම තනතුර ස්ථාපිතකර ඇති බවත් ප්‍රජා පොලිස් කටයුතු විධිමත් කිරීම එහි අරමුණ වී ඇති බවත් පොලිස් තොරතුරු සදහන් කළේය.
මෙතෙක් ලලිත් පතිනායක මහතා දැරූ ස්ථානයට පත්කර ඇත්තේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතාවය. උතුරු පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි සංජය ධර්මරත්න මහතා වයඹ පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබේ. මෙතෙක් වයඹ පළාතේ පොලිස් ප්‍රධානියා ලෙස වැඩ ආවරණය කරනු ලැබුවේ උතුරුමැද සිටි නන්දණ මුණසිංහ මහතාය. ඒ මහතා පරිපාලන අංශ ප්‍රධානියා ලෙස පත්වීමත් සමග එම පළාතේ වැඩ ආවරණය කිරීමේ කටයුත්තද පැවරී ඇත්තේ සංජය ධර්මරත්න මහතාටය.
මේ අතර උතුරු පළාත් පොලිස් ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ මෑතකදී උසස් වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාය. එසේම මෑතකදී උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සබරගමුව පොලිස් ප්‍රධානියා ලෙස පත්කර ඇත. ඊට අමතරව ඌව පළාතේ පොලිස් ප්‍රධානී තනතුරේ වැඩ ආවරණය කිරීමේ වගකීමද ඔහුට පවර ඇත.
දකුණු පළාත් පොලිස් ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ අගමැති ආරක්ෂක දිසාවේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්වීම් ලද රජිත ශ්‍රී දමින්ද මහතාය.