Home උණුසුම් පුවත් මෙරට කාබනික පොහොර මධ්‍යස්ථානයක් ඉදිකරන්න ඉන්දියාව සූදානම්

මෙරට කාබනික පොහොර මධ්‍යස්ථානයක් ඉදිකරන්න ඉන්දියාව සූදානම්

මෙරට කාබනික පොහොර මධ්‍යස්ථානයක් ඉදිකරන්න ඉන්දියාව සූදානම්

අංජනා මල්ලවාරච්චි

ඉන්දියාවේ පූර්ණ සහාය ඇතිව කාබනික පොහොර මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ඉදි කිරීමට තමන් යෝජනා කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පැවසීය.

කාබනික පොහොර කෘෂිකර්මාන්තයට යොමුවීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට අවශ්‍ය සහාය සහය ලබා දීමක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද ඉන්දීය මහ කොමසාරිස්වරයා කීය.

කාබනික කෘෂිකර්මාන්තයේ අත්දැකීම් බෙදා ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් පැවැති අතර එහිදී මහ කොමසාරිස්වරයා මේ බව පැවසීය.

ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද එහිදී අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය පුහුණුව තාක්ෂණික ඥානය ප්‍රවීණයින් අතර හුවමාරු සංචාර සංවිධානය කිරීම ද දායකත්වය ලබා දීමට එහිදී ගෝපාල් බාග්ලේ මහතා කැමැත්ත පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here