
අංජනා මල්ලවආරච්චි
මේ වන විට ක්‍රියාත්මක හෙද වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද පස්වරුවෙන් පසුව තීරණයක් ගන්නා බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
සෞඛ්‍ය බලධාරීන් සමඟ අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවෙන් පසුව හෙද වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සවස හයෙන් පසුව තීරණයක් ගන්නා බව ද හිමියෝ පැවැසූහ.
මේ අතර හෙද වැඩ වර්ජනය හේතුවෙන් දෙවන දිනටත් අද රට පුරා රෝහල්වල රෝගී සත්කාර සේවා සම්පූර්ණයෙන්ම පාහේ බිඳවැටී තිබුණි.
රජයේ රෝහල්වල හෙද හෙදියන් අද දිනයේද අසනීප නිවාඩු වාර්තා කර තිබූ අතර රාජකාරියට වාර්තා කිරීමෙන් වැළකී සිටියහ.
කොළඹ ජාතික රෝහල මහනුවර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු රට පුරා රෝහල් ගණනාවක ඇතුළු රට පුරා රෝහල් ගණනාවක බාහිර රෝගී අංශ පවා අද වසා තිබෙනු දැකගත හැකි විය.
දෙවැනි දිනයටත් රජයේ රෝහල්වල සායනික කටයුතු අද සිදු නොවූ අතර කලින් සැලසුම් කර තිබූ කොවිඩ් මර්දන එන්නත් වැඩපිළිවෙළ ද නතර වී තිබුණි.